Followers

Monday, April 6, 2020


දුක සතුට යනු නිමේශයකින් අවසන් වන  සිතුවිල්ලක් පමණි.........




විටෙක සිනහවත් විටෙක කදුලත් දෙනෙතෙහි රදවන ජීවිතේ හරි අපූරු නවතැනක්  ජීවිතේ ඉදිරියට ගලා ගෙන යද්දි විවිධ දේවල් වලට මුහුණ දෙන්නට සිදුවෙනවා.  ඉතින් මේ දේවල් අපි කිසිම දවසක නොහිතපු දේවල් වෙන්නත්  පුලුවන්. ගතවෙන හැම තප්පරේකම ජීවිතේට මොකක් හරි මතකයක් එකතු වෙනවා. දුක සතුට ආදරය වගේ හැගීම එක්ක ගෙවිලා යන මේ ජීවිතේ එපාම වෙන සිදුවීම් අපිට මුණ ගැහිල තියනවා.  මානසිකව සිදුවන කඩා වැටීම් වලින් ජීවිතය නැතිකරගන්නට උනත් ඇතැම් අය පෙළබෙනවා.. මේකට හේතු වෙන්නේ අපිට ඒහ් මොහොතේ ඇති වන සිතුවිල්ලේ ප්‍රභලත්වය. කෙනෙක් ජීවිතේ නිසා එකම වෙලාවක හිතා ගන්න බැරි විදියට විදවද්දි තවත් කෙනෙක් විශාල සතුටකින් ජීවිතේ විදින්න පුලුවන්. කාලෙත් එක්ක ගෙවිලා යන ජීවිතේ දිහා අපි එක වතාවත් ආපසු හැරිල බැලුවොත් අපි මේ මොහොතේ ජීවත් වන සිතුවිල්ලත් එක්ක ඉබේටම වගේ සංසදනය වෙනවා. ඉතින් හිතලා බලන්න අව්රුදු ගානකට පෙර ඔබ ජීව්තේ ගොඩාක් දුක් විදපු කාරනාවක් දැන් ඔබට ඒ දුක එලෙසමද??. ඉතින් අපි දැන් ප්‍රශ්නෙක ඉන්නවනම් ඒක තව කාලයක් යද්දි අපිට එහෙම ප්‍ර්ශ්නයක් තිබුනද කියලවත් මතක නැති වෙන්න පුලුවන්. ඉතින් ඒ තමයි අපේ හැගීම් සිතුවිලි වල ස්වාභාවය.  ජීවිතේ ප්‍රශ්න විසදන්න කාලයට ඉඩ දීලා  ඉවසීමෙන් ඒ දෙස බලන් ඉන්න  අදුර තිමිර ඉරා දමා නව ලොවක් හැමදාම උදාවෙනවා.. ඔබේ වසන්තය ලග ලගම ඒවි..

"ශීත කාලය පැමිනේවි. තද ශීත කුනාටු හමාවි. හිම කැට සහිත මහ නපුරු සුළි සුළං හමාවි. එහෙත් වසන්තය එනවා සත්තයි. (ගුරු ගීතය)
                      
                                         

No comments:

දුක සතුට යනු නිමේශයකින් අවසන් වන  සිතුවිල්ලක් පමණි......... විටෙක සිනහවත් විටෙක කදුලත් දෙනෙතෙහි රදවන ජීවිතේ හරි අපූරු නවතැනක්  ...