Followers

Monday, July 15, 2019

දුටවත් සිහිනය යථාර්ථයක් වනු...



සරසවියේ පළමු දිනය......****





මතක මන් දිගේ
හීන පොදි බැදන්
පියමැන ආ ඒ කටුක මාවතේ
වෙන්ව කැදැල්ලෙන් පලමු නික්මීම... 
පා තබනා විට දුටු ඔබෙ කදුලැලි
තවමත් සිහිවී බොද වෙයි නෙත් තටු
තනිවූ යහනේ සොයමින් උනුහුම...
අද නම් නින්දක් අහලක වත් නැත
එලි වනු ඇත හෙට ගෙවෙමින් දිගු රැය
කිසිදා ඔබගේ තුරුලෙන් ගිලිහුණු
මොහොතක් අද මෙන් කිසිදා මා හට
අහලක වත් නැත මතක මානයක ....
මැවූ සිහින මැද එකම පැතුම වූ
සිහින සරසවිය මෙලෙසින් දුටුවද
දකිනු මිසක සැබවින් ඒ සිහිනය
කිසිදා මතකය අවදි උනේ නැත
අම්මේ
සිව් වසරක් ඔබෙ  අහිමිද උණුහුම .???
------සිතූ---------

දුක සතුට යනු නිමේශයකින් අවසන් වන  සිතුවිල්ලක් පමණි......... විටෙක සිනහවත් විටෙක කදුලත් දෙනෙතෙහි රදවන ජීවිතේ හරි අපූරු නවතැනක්  ...